‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ නවවන අදියර සීගිරියේදී
10:27am on Friday 22nd October 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා කඳවුරු අවට වාසී අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අභිනවයෙන් ආරම්භ කරන ලද ‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ නවවන අදියර 2021 අගෝස්තු මස 03 වන දින සීගිරිය ප‍්‍රදේශයේදී පවත්වන ලදී.

එයට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ වඩාත්ම ග්‍රාමීය ප්‍රදේශයක් ලෙස හඳුනාගත් දියකෙලිය ප්‍රදේශයේ ප්‍රමාණවත් පානීය ජලය නොතිබීම හේතුවෙන් මෙම ප්‍රදේශයට නව ජල පවිත්‍රාගාරයක් ඉදිකර දෙනු ලැබූ අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ සේවාවනිතා ඒකකයේ සභාපතිනි මංජුමා වීරසේකර මහත්මිය විසින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් සේනක කුලතුංග ඇතුලු නිලධාරින් පිරිසක් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි