ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකරනු ලැබු නව වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය අංශ වෙත භාරදිම සිදුකරයි.
10:30am on Friday 22nd October 2021
කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරිම සදහා ආසාදිතයින් සංඛ්‍යාවට සරිලන රෝහල් පහසුකම් ප‍්‍රමාණය සීමිත බැවින් කොවිඞ් රෝගීන් සඳහා ප‍්‍රථිකාර පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන මැතිතුමන්ගේ උපදෙස් පරිදි මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකරනු ලැබු නව වාට්ටු සංකීර්ණය 2021 අගෝස්තු මස 03 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්  සුදර්ශන පතිරන මැතිතුමන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරචිචි මැතිණිය වෙත නිළ වශයෙන් භාරදිම සිදු කරන ලදි.

මෙම නව වාටිටු සංකිර්ණයේ ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය මගින් සිදු කරනු ලැබු අතර  මෙම ඉදිකිරීම් කටයුතු 2021 මාර්තු මස 23 වන දින ආරම්භ කරනු ලැබිය. මෙහි රෝගින් සදහා වාට්ටු පහක් ඉදිකරනු ලැබු අතර ඒ එක් වාට්ටුවක් අඩි 100x30 ප‍්‍රමාණයෙන් යුක්ත වෙයි. එසේම අඩි 20x20 වූ නාන කාමර සහ වැසිකිලි පද්ධතියක් ද මෙම සෑම වාට්ටුවක් සදහාම වෙන වෙනම ඉදිකරනු ලැබිය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක තුමන් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් පිරිසක් හා මුල්ලේරියාව මූලික රෝහලේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩල පිරිසක් සහභාගි වු අතර රට තුළ පවතින කොවිඞ්-19 වැලැක්වීමේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි