ගුවන් හමුදාපති තුමා විසින් කොග්ගල කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදු කරයි
11:01am on Friday 29th October 2021
ගුවන් හමුදා කොග්ගල කඳවුරේ ගුවන් හමුදාපති තුමාගේ වාර්ෂික පරීක්ෂනය අද දින (2021 අගෝස්තු මස 05) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදු කරන ලදි.
මෙහිදී කොග්ගල කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.ටී රාජපක්ෂ මහතා විසින් ගුවන් හමුදාපති තුමා පිළිගන්නා ලදි.

කොග්ගල කඳවුරු මූලස්ථානය, 414 රෙජිමේන්තු බළඝනය, වැඩසේවා අංශය, කඳවුරු විනය කාර්යාලය, කඳවුරු රෝහල, ගුවන්භට භෝජනාගාරය, සැරයන්වරුන්ගේ නිවස්නය, ක‍්‍රීඩා අංශය ආදී ස්ථාන රැුසක් මෙහිදී ගුවන් හමුදාපති තුමාගේ පරීක්ෂනයට ලක් විය.

පරීක්ෂනය අවසානයේ ගුවන් හමුදාපති තුමා කඳවුරේ අණදෙන නිළධාරී තුමා ඇතුලූ සියලූම නිළයන් අමතා ඔවුන්ගේ සේවය අගය කළ අතර ඔවුන් තුළ පවත්නා කැපවීම හා උනන්දුව එලෙසම දිගටම පවත්වා ගෙන යන ලෙස දිරිමත් කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි