ජාත්‍යන්තර හමුදා ක්‍රිඩා තරගාවළිය නියෝජනයට ශ්‍රි ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රිඩිකාවන් සුදුසුකමි ලබයි
9:30am on Saturday 6th November 2021
58 වන ජාත්‍යන්තර හමුදා ක්‍රිිඩා තරගවළියේ බොක්සිං ක්‍රිඩා තරග සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිඩිකාවන් සිවි දෙනෙකු (04) හා එම තරගාවළියේ විනිශ්ෂය කටයුතු සදහා ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවකු වන ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි ස්කෝඩ්‍රන් ලීඩර් ප්‍රසාද් විජේසිංහ 2021 සැප්තැමිබර් මස 16 වන දින රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් සියළු දෙනා හට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් සුබ පැතුමි එක් කරන ලදි.
 
මෙම තරගාවළිය සදහා සහභාගිවිමට නියමිත නායක ගුවන් කාන්තා චමෝදි පස්යාල විසින් කිලෝ ග්‍රැමි 57 බරපංතිය යටතේ  ලේටන් කප් බොක්සිං තරගාවලිය, 2019 ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය, 2019 ජාතික බොක්සිං තරගාවලිය 2018 සහ 2019 ජයග්‍රහනය කර ඇති අතර නායක ගුවන් කාන්තා සජිවනි කුරේ විසින් කිලෝ ග්‍රැමි 60 බරපංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය, 2018 ජාතික බොක්සිං තරගාවලිය 2018 සහ 2019 තායිලන්ඩ් විවෘත බොක්සිං තරගාවලිය, 2018 ජාත්‍යන්තර සේවා බොක්සිං තරගාවලිය 2019 දකුණු ආසියානු බොක්සිං තරගාවලිය, 2019 ලේටන් කප් බොක්සිං තරගාවලිය, 2019 ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලි ජයග්‍රහනය කර ඇත.

නායක ගුවන් කාන්තා කෂ්මි තිවංකා කිලෝ ග්‍රැමි 69 බරපංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019, ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019, ජාතික බොක්සිං තරගාවලිය 2018 සහ 2019, ජයග්‍රහනය කර ඇති අතර නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිලෝ ග්‍රැමි 75 බරපංතිය යටතේ  ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019, ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලින් ජයග්‍රනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකිමි බහුල ක්‍රිඩිකාවන් ලෙස මෙම තරගාවළියට එක් විමට නියමිතව ඇත.

ශ්‍රි ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රිඩා සංචිතයේ සභාපති ලෙස ගෲප්කැප්ටන් ඉන්දික වික්‍රමසිංහ       කටයුතු කරනු ලබන අතර ලේඛම් ලෙස විංග් කර්මාන්ඩර් විරාජ් ගමගේ කටයුතු කරනු ලබයි. ප්‍රධාන පුහුණුකරු ලෙස නායක ගුවන්භට ධනුෂ්ක ආරියරත්න කටයුතු කරනු ලබයි. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි