ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්.
9:55am on Saturday 6th November 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක් ගුවන් හමුදා සැරයන් ගුණරත්න බණ්ඩා පීඑච්එම් (විශ්‍රාමික) මහතා හට ප‍්‍රදානය කිරීම අද උදෑසන (2021 සැප්තැම්බර් මස 06) සේවා  වනිතා  ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් ඉදිකිරීම් සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් මොහාන් බාලසූරිය මහතාගේ  පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් මොහාන් බාලසූරිය නිළධාරිතුමන් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූ අතර උත්සවයේ වැඩ කටයුතු කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි