ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වීරවිල ප‍්‍රදේශයේ දිළිඳු පවුල් වෙත වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරයි
11:57am on Sunday 14th November 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වීරවිල ප‍්‍රදේශයේ දිළිඳු පවුල් වෙත රුපියල් 5000.00 වටිනා වියළි සලාක ඇසුරුම් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා අරමුදල් සමයනු සපයනු ලැබුවේ ජීවිත නගා සිටුවීමේ සහ සවිබල ගැන්වීම සඳහා වන ,ත්‍ඹෑඛ, පදනම විසිනි.

කාලීන අවශ්‍යතාවය හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2021 සැප්තැම්බර් මස 25 වන දින සිදු කරන ලදි.  

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ වර්ථමානයේ පවතින වසංගත තත්වය තුළ මෙම ප‍්‍රදේශවල අඩු වරප‍්‍රසාද ලත් පවුල් සඳහා අත්වැලක් වීමයි. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් රජින්ත් ජයවර්ධන මහතා ඇතුලූ නිළධාරීන් හා සෙසු නිළයන් සීමිත පිරිසක් සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි