2021 දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර කුච්චවේලි වෙරළ තීරයේදී නිමාවෙයි.
12:02pm on Sunday 14th November 2021
2021 වසරේ දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර සතුරු කඳවුරක් අල්ලා ගනිමින් අවසන් ප්‍රහාරයක් දියත් කිරීම ඊයේ 2021 සැප්තැම්බර් 29  කුච්චවේලි වෙරළ තීරයේදී පැවැත්වුනු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරික් එම්ඩී අරිෆු ඉස්ලාම්ල ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතිගරු ඕමාර් අබ්දුල් රසාක් ආරක්‍ෂක උපදේශකවරුන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙවර අභ්‍යාසයේ අවසන් අදියර සඳහා සහභාගී විය. ඊයේ පැවති අවසන් අභ්‍යාසය සඳහා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කපිල වනිගසූරිය සහ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ජානක අමරසිංහ යන නිළධාරීන් ද සහභාගී විය.

කොමාන්ඩෝ රෙජිමේන්තුවල විශේෂ බලකායල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය සහ නාවික හමුදා විශේෂ බෝට්ටු බලඝණය කුඩා කණ්ඩායම් යෙදවීමෙන් කුච්චවෙලි හි සතුරු කඳවුරු අල්ලා ගනිමින් ඔවුන්ගේ අවසන් ප්‍රහාරය ක්‍රියාත්මක කරන  ලද අතර සමස්ථ මෙහෙයුමේ උච්චතම අවස්ථාව මෙය වියග විදේශ හමුදා නියෝජිතයන්ගේද සහභාගීත්වය ලැබීම තුලින් අභ්‍යාසයට වටිනාකමක් එක්වීම දක්නට ලැබිණි.

මෙම අභ්‍යාසය සදහා අංක 06 ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් එම්අයි 17 හෙලිකොප්ටර් යානාල අංක 07 හෙලිකොප්ටර් යානා බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා සහ අංක 03 සමුද්‍රිය බලඝණයට අයත් බි-200 නිරික්ෂණ ගුවන් යානා යොදාගත් අතර  ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය විසින් තොප්පිගල නරකමුල්ල ප්‍රදේශයේ  සංග‍්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් පැවැත්වීයගහිඟුරක්ගොඩ මුලික ගුවන් හමුදා  කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප්‍රසන්න කුරුවිට මහතා 2021 දියකාවා අභ්‍යාසයේ  ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා සම්බන්ධිකරණ නිළධාරීවරයා ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි