ලෝක ළමා දිනයට සමගාමීව "ගුවන් රන්දරු සිත්තම් - 2021" චිත්‍ර තරගය අවසන් වේ.
12:39pm on Sunday 14th November 2021
2021 ලෝක ළමා දින සැමරුමට සමගාමීව ගුවන් හමුදා පවුල්වල දරුවන්ගේ අදහස් පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් "ගුවන් රන්දරු සිත්තම්  චිත්‍ර තරගය - 2021" සංවිධානය කරන ලදී.

සෑම ගුවන් හමුදා කඳවුරක්ම නියෝජනය කරමින් චිත්‍ර 600 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබු අතර ගුවන් ලේකම් එයාර් කොමඩෝර් කිත්සිරි ලීලාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී ජයග්‍රාහකයින් තෝරා ගනිමින් ගුවන් රන්දරු සිත්තම් චිත්‍ර තරගයේ පහත සඳහන් දරු දැරියන් ජයග්‍රාහකයින් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.

ජයග‍්‍රාහී දරු දැරියන් හට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ඔවුන්ගේ කඳවුරු අණදෙන නිළධාරීන් හරහා වැඩසටහන අතරතුර දී සිදු කල අතර තවද ලෝක ළමා දින වැඩසටහන නිමිත්තෙන් මෙම තරගයට සහභාගි වූ සියලුම දරුවන්ට ඔවුන්ගේ වටිනා සහභාගිත්වය වෙනුවෙන් ඇගයීම් සහතිකයක් පිරිනැමිණි.

ගුවන් රන්දරු සිත්තම චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්

වයස අවුරුදු 06 සිට 08 දක්වා

පළමු ස්ථානය - පීඑම් රිතාරා පත්මිණී බණ්ඩාරනායක - රත්මලාන කඳවුර ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය -  ඒඑම් දෙව්මින තත්සර -  වීරවිල ගුවන් හමුදා කඳවුර
තුන්වන වන ස්ථානය -  ඩීජේ නිසල් අයේෂාන් බණ්ඩාර - වවුනියාව ගුවන් හමුදා  කඳවුර

වයස අවුරුදු 09 සිට 11 දක්වා

පළමු ස්ථානය - ඩබ්ලිව් ඒ අශේන් සත්සර ජයතිස්ස - වීරවිල ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - එස්ඩීජේ අනුජ මතීෂ ජයසිංහ - සීගිරිය ගුවන් හමුදා කඳවුර
තුන්වන ස්ථානය - ඩී ඉදුෂා තත්සරණි - කොග්ගල ගුවන් හමුදා කඳවුර

වයස අවුරුදු 12 සිට 14 දක්වා
පළමු ස්ථානය - එන්එච්ඩබ් සදෙව් නිම්සර - වීරවිල ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - ඩී කවීෂා තත්සරණි - කොග්ගල ගුවන් හමුදා කඳවුර
තුන්වන ස්ථානය - එච් සෙනුමි තිනාරා චන්ද්‍රසිරි තේනුවර - රත්මලාන ගුවන් හමුදා කඳවුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි