ගුවන් හමුදාව උතුරු මැදත් බේරා ගනී
1:37pm on Thursday 17th February 2011
දැනට පවතින ගංවතුර තත්වය නිසා අතරමංව සිටි ගැබිනි මව්වරුන් 07කු, දැඩි ලෙස රෝගාතුරව සිටි ළමුන් කීප දෙනෙකු ඇතුළු 30කු බේරා ගැනීමට පෙබරවාරී 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

අනුරාධපුර කදවුරෙන් ගුවනට නැගී බෙල් 212 සහ එම් අයි 17 ගුවන් යානා දවස පුරාම මෙම බේරා ගැනීමේ කටයුතු වල නිරත විය. එහිදී ගැබිනි කතක් තම දරු ප්‍රසූතියද බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් තුලදී සිදු කරන ලදී.

වැලිකංද , මැදිරිගිරිය, කහබිලියාව සහ දිඹුල්ගල යන ප්‍රදේශ වලට කිලෝ ග්‍රෑම් 17,000 ආහාර සහ කෑම පාර්සල් 6500ක් පමක ප්‍රවාහනයද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි