නවදිල්ලියේ ජර්මනි තානාපති කාර්යාලයේ හමුදා උපදේශක ගුවන් හමුදාපති හමුවෙයි
10:40am on Saturday 11th December 2021
ජර්මානු ජනරජය විසින් නවදිල්ලියේ පිහිටුවා ඇති ජර්මනි තානාපති කාර්යාලයේ හමුදා උපදේශක කැප්ටන් ජෙරල්ඩ් කෝච් මහතා සහ නියෝජිත පිරිසක් අද (2021 ඔක්තෝබර් 05 වන දින) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ජෑන් සිහාර් සහ දේශපාලන සහ සංධාන නිළධාරී ධරිනි දළුවත්ත මහත්මිය ද මෙම නියෝජිත පිරිසට ඇතුලත් විය.

ගුවන් හමුදාපති තුමන් සහ කැප්ටන් කෝච් අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුනු අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලද අතර නියෝජිත පිරිස හට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් විසින් සෙසු සාමාජිකයින් වෙත ද සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි