ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 බලඝණයට නව අණදෙන නිළධාරීවරයෙක්
10:50am on Saturday 11th December 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 බලඝණයේ අණදෙන නිලධාරී ලෙස මෙතෙක් කටයුතු කළ ගෲප් කැප්ටන් පීඩීඑස්එස් ගුණවර්ධන විසින් ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න වෙත අද දින (2021 ඔක්තෝබර් 15* නව තනතුරේ වැඩ  භාරදීමේ පෙළපාලිය බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලදී.

ගෲප් කපිතාන් පීඩීඑස්එස් ගුණවර්ධන 2018 දෙසැම්බර් 18 වන දින අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත් අතර 2019 වසරේ ජනාධිපති වර්ණය පිරිනමන විට බලඝණයට අණ දෙන ලදී. ගෲප් කපිතාන් පීඩීඑස්එස් ගුණවර්ධන ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි විදේශ මෙහෙයුම් තනතුරෙහි වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

නව අණදෙන නිළධාරිවරයා බලඝනයේ සියළුම නිලධාරීන් හා සෙසු නිළයන් අමතමින් මින් ඉදිරියටත් තමන් සමගින් කැපවීමකින් සහ උනන්දුවකින් තම කටයුතු කරගෙන යන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි