දැයට කිරුල 2011
1:46pm on Thursday 17th February 2011
63 වන නිදහස් දිනය සැමරීම සදහා බුත්තලදී සංවිධානය කරන ලද දැයට කිරුල ප්‍රදර්ශනය භූමියේ ගුවන් හමුදා ප්‍රදර්ශන කලාපය අතුරු සිදුරු නොමැතිව මහජනයාගෙන් පිරී යන
ලදී.

ප්‍රදර්ශනය අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ විසින් පෙබරවාරී 04 වන දින විවෘත කරන ලදුව, එදින සහ පසු දින එතුමා ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොෂන් ගුණතිලක සමග ප්‍රදර්ෂණ භූමියේ සංචාරය කරන ලතී.

ගුවන් හමුදා භූමීයේදී ජනතාව හට ගුවන් හමුදාවේ ඇති හෙලිකොප්ටර් සහ ජෙට් ගුවන් යාන දැක ගැනීමේ සහ විස්තර දැන ගැනීමේ පහසුව ලබාදෙන ලදී. තවඩ රෙජිමේන්තු විශේෂ බලකායේ දක්ෂතා, පැරචූට් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන මෙන්ම අධ්‍යාපන වටිනාකමින්
සපිරි බොහෝ දේ ජනතාවට නැරඹීමට පහසුකම් සලසන ලදී.

තවද ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් මෙම සියලු දසුන් www.airforce.lk යන තම නිල
වෙබ් අඩවිය මගින් සජීවීව ප්‍රචාරය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි