බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයෙන් නික්ම යන සහ නව ආරක්ෂක උපදේශකවරුන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
9:50am on Monday 20th December 2021
කොළඹ පිහිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිම කර නික්ම යන ආරක්ෂක උපදේශක කර්නල් ඬේවිඞ් අෂ්මන් මහතා 2021 දෙසැම්බර් 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමු විය. තවද ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාර ගත් කර්නල් පෝල් ක්ලේටන් මහතාද කර්නල් අෂ්මන් සමගින් මෙම අවස්ථාවට සහභාගී වන ලදි.

මෙම හිටපු සහ අලූතින් පත්ව පැමිණි ආරක්ෂක උපදේශකවරුන් ගුවන් හමුදාධිපතිතුමා සමග සුහද පිළිසඳරක නිරත වූ අතර එහිදී ගුවන් හමුදාපතිතුමා තම සේවා කාලය තුළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමග පැවති මිත‍්‍රශීලී සබඳතාවයට කර්නල් අෂ්මන් මහතා වෙත සිය කෘතවේදීත්වය පළ කරන ලද අතර එතුමාගේ ඉදිරි කටයුතු සඳහා සිය සුභාශිංසන පිරිනමන ලදි.

ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ගුවන් හමුදාධිපති තුමන් සහ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරුන් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි