අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි.
12:15pm on Sunday 26th December 2021
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අමිත ජයමහ මහතාගේ මගපෙන්වීම යටතේ 39 වන කඳවුරු දිනයට සමගාමීව උතුරු ගුවන් විධාන මූලස්ථානය සහ ජාතික රුධිර පාරවිලයන සේවය එක්ව 2021 නොවැම්බර් මස 22,23 සහ 24 යන දිනයන්හිදී අනුරාධපුර ජාතික තරුණ සේවා සභා රංග පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා රුධිර පාරවිලයන සේවයේ වෛද්‍ය උපදේශක වෛද්‍ය දම්මික සෙනෙවිරත්න මහතා, අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව භාර වෛද්‍ය නිලධාරී වත්සලා මහත්මිය, රුධිර බැංකුවේ ජ්‍යෙෂ්ඨ පීඑච්අයි ඒඑච්ඒ මුනාෆිර් මහතා සහ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ වැඩබලන සෞඛ්‍ය නිලධාරී අණදෙණ ෆලයිට් ලෙෆ්ටිනන්ට් එස්එෆ් නාදියා යන නිළධාරීන් සහභාගී විය.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට අවශ්‍යතාවයක්ව පවතින රුධිරය සපුරාලීම මෙම වැඩසටහනෙහි ප‍්‍රධාන අරමුණවු අතර ලේ දන්දීමේ වැඩසටහන සඳහා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරෙන් සේවා පුද්ගලයින් 207 ක්, වවුනියාව ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 75 ක්, පලාලි ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 26 ක්, පාලවි ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 48 ක් මුලතිව් ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 28 ක් ඇතුළුව 400 කට ආසන්න ගුවන් හමුදා සේවා පුද්ගලයින් සහ සිවිල්  මහතුන් 25 දෙනෙකුද දායකත්වය සැපයු අතර උතුරු ගුවන් විධාන මූලස්ථානය නියෝජනය කරමින් ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ සේවා පුද්ගලයින් 25 නෙකු සහ වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ සේවා පුද්ගලයින් 29 දෙනෙකු දායකත්වය සපයන ලදී.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම ලේ දන්දීමේ වැඩසටහන පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි