ඉතාලි ආරක්ෂක උපදේශකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
12:21pm on Sunday 26th December 2021
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබි‍්‍රසියෝ ෆල්සි මහතා 2021 දෙසැම්බර් 08 වෙනි දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
 
මෙම හමුවේදී ගුවන් හමුදාධිපතිතුමා සහ කපිතාන් ෆල්සි මහතා ද්වීපාර්ශවික කරුණු සම්බන්දයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විය. ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් සහ ඉතාලි ආරක්ෂක උපදේශකතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි