හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුර සිය 43 වැනි සංවත්සරය සමරයි
12:33pm on Thursday 28th April 2022
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේඒපීඑස් කුරුවිට මහතාගේ මගපෙන්වීම යටතේ අද දින (2021 නොවැම්බර් 23) සිය 43 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී.

සාම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් සංවත්සර දින කටයුතු ආරම්භ කරන ලද අතර අනතුරුව සියලු නිලයන් සහ සිවිල් වැසියන් ඇමතීම කඳවුරු අණදෙන නිළධාරීතුමන් විසින් සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිලධාරිතුමන් විසින් කඳවුරේ වැදගත්කම සහ ඓතිහාසික වටිනාකම අවධාරණය කළේය. තවද, අභියෝගාත්මක අවස්ථාවන්හිදී සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවා පුද්ගලයින් විසින් කරන ලද අගනා දායකත්වය ඔහු අගය කළේය.

අනතුරුව සර්ව ආගමික වැඩසටහනක් සහ රුක් රෝපණ වැඩසටහනක් මුලික කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබූ අතර ඉන් අනතුරුව ක්‍රිකට් තරඟාවලියක් සහ සියලු නිළයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීවල ප්‍රජා සේවා කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් ජාතික රුධිර බැංකුව සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක් ද 2021 නොවැම්බර් 17 වැනි දින මූලික කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි