ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 17 වන අදියර මඩකලපුවේදී සාර්ථකව නිමකෙරේ
12:39pm on Thursday 28th April 2022
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 17 වන අදියර ඊයේ (2021 නොවැම්බර් 20) දින මඩකලපුව ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ සාර්ථකව පවත්වන ලදී.

මඩකලපුව නගරයේ ගාන්ධි උද්‍යානය 17 වැනි අදියර ලෙස ප්‍රතිසංස්කරණය කර නගරාධිපති ටී සරවනභවන් මහතා වෙත භාරදුන් අතර එය සාමාන්‍ය ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයනු ලැබූ අතර, මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජීපීඑන්සී පියසේන මහතාගේ අධීක්‍ෂණය යටතේ සාර්ථකව නිම කරන ලදී. කොවිඩ් - 19 සීමා කිරීම් හේතුවෙන් මෙම උත්සවය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි