ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිවේගී මාර්ගයේ පැවති පිරිමි සහ කාන්තා පාපැදි තරගයෙන් දෙවන ස්ථානයට පත්වෙයි
2:21pm on Thursday 28th April 2022
අධිවේගී මාර්ගයක ප්‍රථම වරට පවත්වනු ලබන පාපැදි සවාරිය අද (2022 ජනවාරි 14) මීරිගම අධිවේගී පිවිසුමේදී ආරම්භ විය.

ගුවන් හමුදා පාපැදි ධාවකයින් වන නායක ගුවන් භට සංජු දීමන්ත සහ නායක ගුවන් කාන්තා නිමල්කා චමෝදිනී පිළිවෙලින් පිරිමි සහ කාන්තා ධාවන ඉසව් දෙකෙන්ම 2 වැනි ස්ථානය දිනා ගත්හ. මීරිගම සිට කුරුණෑගල දක්වා වූ අධිවේගී මාර්ගය දෙසට සම්පූර්ණ දුර කිලෝමීටර් 80 ක දුරකින් සමන්විත විය. මෙම තරගය පාපැදිකරුවන්ට නවමු අත්දැකීමක් වු අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහාමාර්ග අමාත්‍යාංශය සමග ඒකාබද්දව මෙම පාපැදි සවාරිය පවත්වනු ලැබීය.

මේ සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු ක්‍රීඩා සමාජ 30කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාපැදිකරුවන් සහභාගි වූහ.ත්‍යාග ප්‍රදානෝත්සවය 2022 ජනවාරි 15 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි