චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්‍ෂංගය සිය 29 සංවත්සරය සමරයි
2:24pm on Thursday 28th April 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්‍ෂංගය 2022 ජනවාරි 13 වැනි දින සිය 29 සංවත්සරය සාඩම්බරයෙන් සමරනු ලැබීය. ගොඩබිම් පුහුණු පක්‍ෂංගය 1993 ජනවාරි 13 වැනි දින සටන් පුහුණු පාසල ලෙස ආරම්භ කරන ලද අතර 2013 ජූලි 15 දිනෙන් පසුව ගොඩබිම් පුහුණු පක්‍ෂංගය බවට පත්විය.

ගොඩබිම් පුහුණු පක්‍ෂය අණදෙන නිලධාරීන් 26 දෙනෙකු විසින් අණ දී ඇති අතර දැනට ගෲප් කැප්ටන් ප්‍රදීප් වර්ණසූරිය මහතා අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරයි. ගොඩබිම් පුහුණු පක්‍ෂය විසින් කැඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා හා ගුවන් භට පුහුණු පාඨමාලා, බඳවා ගැනීමේ පාඨමාලා, මෙහෙයුම් ගුවන් උසස් පාඨමාලා, අවිකරු පුහුණු පාඨමාලා, විශේෂිත ඉංග්‍රීසි පුහුණු පාඨමාලා ඇතුළු පුහුණු පාඨමාලා රැසක් පවත්වනු ලබයි.

චාරිත්‍රානුකූලව වැඩ පෙළපාලියකින් අනතුරුව ප්‍රධාන උපදේශක විංග් කමාන්ඩර් ශමිල ධර්මවර්ධන විසින් සියලුම නිළයන් ආමන්ත්‍රනය කරන ලදී. පෙළපාලියෙන් අනතුරුව සියලු දෙනා අතර සමගිය වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් තරගාවලියක් ද පවත්වන ලදී.

සංවත්සරයට සමගාමීව, ගොඩබිම් පුහුණු පක්‍ෂංගය විසින් 2022 ජනවාරි 12 වන දින චීන වරාය නාලන්දා විද්‍යාලයේ ‘ශ්‍රමදාන’ ව්‍යාපාරයක් සංවිධානය කළ අතර ඒ ස‍දහා නිලධාරීන්, උපදේශකවරුන් සහ කැඩෙට් නිළධාරීන් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි