ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද දින (2022 ජනවාරි 03) සියලුම ගුවන් හමුදා කඳවුරු වෙත සිය අලුත් අවුරුදු සුබපැතුම් එක්කරන ලදී
8:40am on Friday 29th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද දින (2022 ජනවාරි 03) ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සියලුම නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය, ගුවන් හමුදා කොළඹ කඳවුර සහ සියලුම ගුවන් හමුදා කදවුරු වෙත සිය අලුත් අවුරුදු දේශනය සිදු කරන ලදී. වසර 70ක අත්දැකීම් වලින් සහ 2021 වසර තුල වගකීම් වලින් ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නව වසර ආරම්භ කරන බව ගුවන් හමුදාපතිවරයා අවධාරණය කළේය. එසේම, COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ජාතිය ගොඩනැගීමට සහය දැක්වීම සඳහා සිදු කරන ලද සහ සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති සහ මෙහෙයුම් රාශියක් ඔහු සිහිපත් කළේය.

නව අභියෝගවලට මුහුණ දීම සඳහා. ගුවන් හමුදාවට සහ එහි කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා ගුවන් හමුදා මූලස්ථානයේ දී සර්ව ආගමික උත්සවයක් ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි