ගුවන් හමුදා 60 වන සංවත්සර අත්පන්දු තරගාවලිය
3:39pm on Friday 25th February 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා 60 වන සංවත්සරය සැමරීම සදහා පවත්වන අත්පන්දු තරගාවලියේ තරග කාල සටහන ඉදිරිපත් කිරීම අද දින (පෙබරවාරි 21) ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

ගුවන් හමුදාව, නාවික හමුදාව, අම්පාර ක්‍රීඩා සමාජය සහ බන්ධනාගාර ක්‍රීඩා කණ්ඩායම් 4ක් සහ යුධා හමුදා ක්‍රීඩ කණ්ඩායම් 2ක් පෙබරවාරී මස 24 සහ 25 වන දින ගුවන් හදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී තරග වදිනු ඇත.

බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනය මෙහි ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් කටයුතු කරනු ලබන මෙම තරගාවලියේදී ජයග්‍රාහකයින්ට සහ විශේෂ දක්ෂතා දක්වන්නන් හට කුසලාන, ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

2008 වසරේදී ලංකාවට හදුන්වා දුන් මෙම ක්‍රීඩාව ගෘහස්ථ, එලිමහන් හා වෙරළ ක්‍රීඩාවක් ලෙස පැවැත්විය හැක.

ශ්‍රී ලංකා ඔලිම්පික් සහ  ජාතික අත්පන්දු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ගුවන් හමුදා අත්පන්දු ක්‍රීඩා සංගමයේ සභාපති ගෘප් කපිතාන් ජනක නානයක්කාර, ලේඛම් විංග් කමාන්ඩර් සමන්ත වීරසේකර සහ ගුවන් හමුදා ක්‍රීඩා මණ්ඩලයේ ලේඛම් ගෘප් කපිතාන් රොශාන් බියන්විල මේ අවස්ථාවට සහභාගී වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි