අංක 33 ගුවන් ආරක්ෂක පක්ෂාංගය 11 වැනි සංවත්සරය සමරයි
2:02pm on Wednesday 22nd June 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 33 ගුවන් ආරක්ෂක පක්ෂාංගය (LBAD)  අද (2022 ජනවාරි 17) දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් දිල්රුක්ෂාන් රණතුංග නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සිය 11 වන සංවත්සරය සමරන ලදී.

සංවත්සරයට සමගාමීව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ අඩු ආදායම්ලාභී පවුලක සිසුවෙකු හට මූල්‍යාධාර පිරිනැමීමටත් මඩවලගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට අභ්‍යාස පොත් ප්‍රදානය කිරීම සහ නාච්චදූව වාලුකාරාම විහාරස්ථනයේ තීන්ත ආලේප කිරීමටත් කටයුතු යොදා තිබුණි.

මෙම පින්කම් සඳහා අංක 33 ගුවන් ආරක්ෂක අංශයේ ගුවන් හමුදා සමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි