අංක 02 සැපයුම් හා නඩත්තු අංශය 25 වැනි සංවත්සරය සමරයි
9:56am on Thursday 23rd June 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව අද (2022 පෙබරවාරි 01) සිය 25 වන සංවත්සරය සමරන ලදී. අංශයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී.ඒ.පී.ප්‍රියදර්ශන නිලධාරීතුමන් විසින් අංක 02 සැපයුම් හා නඩත්තු අංශ පරිශ්‍රයේ දී පැවති වැඩ පෙළපාලියකින් දිනයේ කටයුතු ආරම්භ විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සංවිධානයේ සියලුම සාමාජිකයින් රුක් රෝපණ වැඩසටහනක් ද,හිඟුරක්ගොඩ හතමුණ ධර්මපාල බෝසත් ළමා නිවාසය නැවත පින්තාරු කර පිරිසිදු කිරීමට ද ධර්මපාල බෝසත් ළමා නිවාස පරිශ‍්‍රයේ දී දරුවන්ට තෑගි බෝග සහ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමට ද කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි