"ශ්‍රී ලංකා නවකයන්ගේ බර ඉසිලීමේ ශූරතාවලිය -2022"‍ තරගයේ අනුශූරතාවය ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමට
10:03am on Thursday 23rd June 2022
2022 - ශ්‍රී ලංකා ආධුනිකයන්ගේ බර ඉසිලීමේ ශූරතාවලිය 2022 පෙබරවාරි 11 සිට 13 දක්වා ගාල්ලලපෝද්දිවල ජාතික විද්‍යාලයේ පැවති තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ ක්‍රීඩිකාවන් අනුශූරතාවය දිනා ගන්නා ලදී.

කිලෝග්‍රෑම් 87 බර පන්තිය යටතේ නායක ගුවන් කාන්තා ද සිල්වා වයි.එන්.එස්, කිලෝග්‍රෑම් 49 බර පන්තිය යටතේ නායක ගුවන් කාන්තා ගන්කන්ද ජී.ඩී.අයි.එම්,කිලෝග්‍රෑම් 71 බර කාණ්ඩය යටතේ නායක ගුවන් කාන්තා ජයමංගල ජේ.ඩී.එච්.එම්, කිලෝග්‍රෑම් 76 බර කාණ්ඩය යටතේ ගුවන් නායක කාන්තා මධුෂානි ඩී.කේ.සී.එන් යන අය රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. යාපනය විශ්ව විද්‍යාලය ශූරතාවය හිමිකර ගනිද්දී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව අනුශූරතාවය දිනා ගන්නා ලදී.

පිරිමි කිලෝග්‍රෑම් 89 බර පංතිය යටතේ තරග වැදුණු  නායක ගුවන් භට කුමාර ජී.එච්.එම්.එම තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි