ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
10:07am on Thursday 23rd June 2022
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවු‍රෙහි වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලි 2022 පෙබරවාරි 14 වන දින පැවැත් වූ අතර එහිදී පිටත්ව යන කඳවුරු අණදෙන නිලධාරි එයාර් වයිස් මාර්ෂල් ආර්.ඒ.යු.පී.රාජපක්ෂ නිලධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එල්.එච්.සුමනවීර නිලධාරීතුමන් වෙත තම රාජකාරිය භාර දෙන ලදී. එම කඳවු‍රෙන් නික්ම යන එයාර් වයිස් මාර්ෂල් ආර්.ඒ.යූ.පී.රාජපක්ෂ නිලධාරීතුමන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

පෙළපාලිය අතරතුර‍,නික්ම යන කදවුරු අණදෙන නිළධාරීවරයා තමන් කඳවුරු අණදෙන නිළධාරියා ලෙස කටයුතු කරන කාලය තුලදී තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් කඳවුරේ සියලුම සාමාජිකයින් වෙත සිය අවංක කෘතඥතාවය පළ කරන ලදී.

ආගමික ආශිර්වාදයෙන් පසුව නව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එල්.එච්.සුමනවීර නිලධාරීතුමන්  අණදෙන නිලධාරී ධූරයේ වැඩ භාර ගන්නා ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි