දහසකට අධික ගුවන් ශිෂ්‍ය භටයින් ප්‍රථම ඇගයීමේ කදවුරට සහභාගී වේ
3:59pm on Friday 25th February 2011
ගුවන් ශිෂ්‍ය භටයින් වෙනුවෙන් සංවිධනය කල ප්‍රථම වාර්ෂික ඇගයීමේ කදවුර දියතලාව ගුවන් පක්ෂාංගයේදී පසුගිය  දිනවල පැවැත් වින. කාණ්ඩ හතලිහකින් සමන්විත මෙම ඇගයීමේ කදවුර සදහා දහසකට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව, ජාතික ශිෂ්‍ය භට සංගමයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිනී ජයසුන්දරගේ අධීක්ෂනය යටතේ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ පූර්න දායකත්වය මත මෙම පුහුණු කදවුර සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා දියතලාව කදවුරු අනදෙන නිලධාරී ගෲප් කපිතාන් ලංකා කොඩිප්පිලි විසින් අවශ්‍ය සියළු පහසුකම් හා පුහුණුවීම් සදහා අවශ්‍ය සියළු පහසුකම් සපයන ලදී.

ගුවන් ශිෂ්‍ය භටයින් හට අවශ්‍ය නිසි උපදෙස් හා මාර්ගෝපදේශන කටයුතු ගුවන් ශිශ්‍ය භටයින්ගේ අංශ භාර නිලධාරී බලඝණ නායක ජිනේන්ද්‍ර රනසිංහ විසින් නිබදව සපය ලදී.

ගුවන් ශිෂ්‍ය භට පක්ෂාංගය ආරම්භ කර වසර තුනකට අධික වන අතර පසුගිය වසරේ නිළ වශයෙන් නිසි ලෙස ක්‍රියත්මක විය.

කදවුර පැවැත්වුනු කාලා සීමාව පුරා විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍ය භටයින් හට කුසලාන හා සහතික පත් ප්‍රධානයකිරීමේ උත්සවය සදා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රෝහිත රණසිංහ අතින් ලබා ගන්නා ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි