ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස පරිත්‍යාග කිරීමේ උත්සවයක් පවත්වයි
12:12pm on Monday 27th June 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ඉදිකරන ලද නිවසක් ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂ මහතා විසින් ඊයේ (2022 මැයි 18) දින කෝප්‍රල් සෝමරත්න ඩබ්ලිව්.ජී.ආර්. වෙත භාර දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයනු ලැබූ අතර, කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගය සමගින් ගුවන් හමුදා කොග්ගල කදවුර විසින් ඉදිකිරීම් සිදු කරන ලදී.

කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ඇතුලු සීමිත නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් මෙම උත්සවයට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි