ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය සමරයි
12:19pm on Monday 27th June 2022
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය අද (2022 මැයි 17) සමරන ලදී. අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ජීඩීඅයි සංජීව මහතාගේ අධීක්ෂනයෙන් පවත්වන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ විය.

උත්සවයට සමගාමීව කොළඹ ජාතික රුධිර බැංකුව සමඟ එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් ද පවත්වන ලදී. තවද, ධාබුව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් ද සිදු කරන ලදී. තවද එහි සියලුම සාමාජිකයින් අතර කණ්ඩායම් හැඟීම ඉහළ නැංවීම සඳහා සුහද ක්‍රිකට් තරඟාවලියකින්  සංවත්සර සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි