කටුනායක ගුවන් හමුදා කඳවුර පරිසර හිතකාමී වෙසක් උත්සවයක් සංවිධානය කරයි
12:23pm on Monday 27th June 2022
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර මහතාගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ පරිසර හිතකාමී හරිත සංකල්පවලට ප්‍රමුඛත්වය දෙමින් කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් වෙසක් උත්සවය නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ඊයේ දින (2022 මැයි 15) පවත්වන ලදී.

බුදුවරුන් 28 දෙනාම උතුම් බුද්ධත්වයට පත් වූ සෙවණ යට පිහිටි බෝධීන් වහන්සේ සංකේතවත් කරමින් මූලික විහාරස්ථානයේ බෝධීන් වහන්සේ 28ක් රෝපණය කිරීමෙන් උත්සවය ආරම්භ විය.

ඉන් අනතුරුව ගෝනවලාන ජනජයගම විහාරස්ථානයේ විහාරාධිපති සහ කනාඔය මහසෙන් මහා විද්‍යාලයේ උප ප්‍රධාන සංඝනායක කයිකාවල ඤාණතෘප්ති හිමි විසින් ‘ධර්ම දේශනාවක්’ පවත්වන ලදි. ‘ධර්ම දේශනා’ වැඩසටහනෙන් අනතුරුව, කඳවුරේ විවිධ අංශ මඟින් නිර්මාණය කරන ලද වර්ණවත් වෙසක් පහන් කූඩුවලින් සමන්විත පරිසර හිතකාමී ‘වෙසක් කලාපයක්’ මූලික කඳවුරු අණදෙන නිලධාරි විසින් නිල වශයෙන් විවෘත කරන ලදි. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විදුලිය අවම කර ගැනීමට සහ ඉතිරි කර ගැනීමට සූර්ය පැනල මගින් නැවත ආරෝපණය කරන ලද බැටරි මගින් මූලස්ථාන ප්‍රදේශයේ ඇති සියලුම වෙසක් කූඩු ආලෝකමත් කෙරිණි.

වෙසක් වැඩසටහනට සමගාමීව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මඟපෙන්වීම යටතේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපති තුෂාන්ති සුමනවීර මහත්මියගේ අධීක්ෂණය යටතේ කඳවුරට ආසන්නව ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 13ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ පරිත්‍යාග වැඩසටහනක් කදවුරු ක්‍රීඩා පිටියේදී සාර්ථකව පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි