ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 දරන බලපංතිය සිය 09 වන සංවත්සරය සමරයි
1:00pm on Monday 27th June 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 දරන බලපංතිය අද (2022 මැයි 06) දින සිය 9 වන සංවත්සරය සමරන ලදී. මෙම බලපංතිය 2013 මැයි 06 වන දින ස්ථාපිත කරන ලද අතර VVIP/VIP සහ මගී ප්‍රවාහනය, භට පිරිස් සඳහා ගුවන් ප්‍රවාහනය, සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, ගිනි නිවීම, ගිලන් මෙහෙයුම් යටතේ, තුවාලකරුවන් ඉවත් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සිදු කිරීම සඳහා වගකීම දරයි.

සංවත්සර උත්සවයට සමගාමීව බලපන්ති අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් අසංක රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ 2022 මැයි 04 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ලේ දන්දීමේ ව්‍යාපාරයක් පවත්වන ලදී. ජීවිතයක් බේරා ගැනීම සඳහා ජාතියේ කාලීන අවශ්‍යතාවය මෙමගින් විසඳිය හැකිය.

සංවත්සර උත්සවයේදී එහි සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා සුහද ක්‍රිකට් තරගාවලියක් ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි