රත්මලාන ගුවන් හමුදා කඳවුර "හොඳම උද්‍යාන සංකල්පය" ප්‍රවර්ධනය කරයි
1:22pm on Monday 27th June 2022
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය සඳහා පියවරක් ලෙස ගුවන් හමුදා ආයතන තුළ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා උපදෙස් ලබාදී ඇත.

මේ නිමිත්තෙන් බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (කවුන්සිලයේ) කෘෂිකර්ම වෘත්තිකයන් දෙදෙනෙකු වන කුමාරි සූරියප්පෙරුම මහත්මිය සහ රසික කුමාරප්පෙරුම මහතා විසින් වෘත්තීය දැනුම බෙදාගැනීමේ වැඩමුළුවක් යාන්ත්‍රික ප්‍රවාහන අංශයේ දී පවත්වන ලදී. යෝග්‍ය එළවලු පැල තෝරා ගැනීම, වගා කිරීම සහ අස්වනු නෙළන ආකාරය සහ තමන් විසින්ම කොම්පෝස්ට් පොහොර සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සහභාගිවන්නන්ට දැනුමක් ලබාදෙන ලදී.

මෙම ප්‍රයත්නය තුළින් “හොඳම උද්‍යානය”, “හොඳම නාගරික/සංයුක්ත උද්‍යාන නිර්මාණය” සහ “හොඳම සෞන්දර්යාත්මකව නිර්මාණය කරන ලද උද්‍යානය” ඉදිරියේදී තරග කරනු ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අස්වනු නෙළන ලද එළවලු මිලදී ගෙන එම කඳවුරේ ජීවත්වන පුද්ගලයින්ට සහන මිලට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සුබසාධන ආපන ශාලාව හරහා ලබා දීමට නියමිතය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි