‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 34 වැනි අදියර දියතලාවේදී සාර්ථකව අවසන් කෙරේ
1:54pm on Monday 27th June 2022
“ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ 34 වන අදියර ඊයේ (2022 ජුනි 06) දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මඟපෙන්වීම යටතේ දියතලාව ම/ම විද්‍යාලයේදී සාර්ථකව අවසන් කරන ලදී.

දැනට සිසුන් 280 ක් පමණ අධ්‍යාපනය ලබන ප්‍රාථමික අංශයේ අබලන් වූ වහලයේ සිවිලිම සහ ගොඩනැගිල්ලේ ව්‍යුහාත්මක හානි ප්‍රතිසංස්කරණය කරන ලදී. නවීකරණයට අමතරව විද්‍යාලයට ලිපි ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී. වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා අතින් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල දියතලාව ම/ම විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙත භාර දෙන ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී. මෙම අවස්ථාව සඳහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිළධාරීන් සහ සෙසු නිලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ විද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි