අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය - 2022
2:26pm on Monday 27th June 2022
අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය 2022 ජූනි 06 සිට ජූනි 08 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

පිරිමි ශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලද අතර කාන්තා ශූරතාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර සහ ගුවන් හමුදා අනුරාධපුර කඳවුර පිරිමි අංශයේ සම අනුශූරතාව දිනා ගන්නා ලදී. කාන්තා අනුශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලදී.

දක්ෂතම තාක්ෂණික මල්ලවපොර ක්‍රිඩක හා ක්‍රීඩිකාවට හිමි කුසලානය පිළිවෙළින් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පියාසර නිලධාරී නිරෝෂන් බණ්ඩාර විසින් සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පියාසර නිලධාරිනී මධුෂිකා එදිරිසිංහ විසින් දිනා ගන්නා ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ටීඒඩීආර් සේනානායක මහතා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි