යුධ හමුදාපතිවරයා හා ගුවන් හමුදාපතිවරයා අතර හමුවක්
2:28pm on Monday 27th June 2022
නව යුද්ධ හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී.එම් ලියනගේ මහතා අද (2022 ජුනි 09) උදෑසන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් ඩිල්ෂාන් වාසගේ මහතා විසින් නව යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව හමුදාධිපතිවරුන් දෙදෙනා නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි