කටුනායක කදවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිය 19 වන සංවත්සරය සමරයි
3:19pm on Monday 27th June 2022
ගුවන් හමුදා කටුනායක කදවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිය 19 වන සංවත්සරය අද (2022 ජුනි 13) දින සමරන ලදී.

වර් ථමානයේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිවිල් ඉංජිනේරු නිලධාරීන් 14 දෙනෙකුගෙන් සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ විෂයයන් යටතේ පුහුණුව ලැබූ ගුවන් භටයින් 1500කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. ගුවන් හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ඉදිකිරීම් සහ පුනරුත්ථාපන ව්‍යාපෘති භාර ගැනීම සඳහා මෙය පිහිටුවන ලදී.

සංවත්සර දින සැමරුම අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන්.ඩී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ කළ අතර අනතුරුව ගුවන් හමුදා කටුනායක රෙජිමේන්තු ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී ක්‍රිකට් තරඟාවලියක් ද සමඟින් සුහද හමුවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර මහතා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි