ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රධානය කිරීමේ උත්සවයක් පවත්වයි
9:12am on Wednesday 29th June 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදිකරන ලද නිවසක් සැරයන් බණ්ඩාර කේ.ජී.එස්.එස්. වෙත ප්‍රධානය කිරීමේ උත්සවයක් අද (2022 ජුනි 20) දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ සහභාගීත්වයෙන් දියතලාවේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වන අතර, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් ඉදිකිරීම් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩොර් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ සමස්ථ ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිලධාරී තුමන් ඇතුලු සීමිත නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි