කෆීර් ගුවන් යානා අනතුර ගැන වඩිදුර පරීක්ෂන
8:27am on Friday 4th March 2011
ගුවන් හමුදා 60 වන සංවත්සරයේ ගුවන් සංදර්ෂනයේ පුහුණුවීම් කටයුතු සදහා කටුනායක කදවුරින් ගුවන් ගතවූ අංක 10 ප්‍රහාරක ජෙට් බලඝනයට අයත් කෆීර් ගුවන් යානා දෙක අද උදැසන යක්කල ප්‍රදේෂයේදී අනතුරකට ලක් විය.

මෙම අනතුර හේතුවෙන් ගුවන් යානා දෙක සම්පූර්නයෙන්ම විනාෂ වී ඇත. යක්කල ප්‍රදේෂයට ආසන්නයේ කිරිදිවෙල ආසන්නයේ කඩා වැටී ඇත.මෙම අනතුර හේතුවෙන් ගුවන් හමුදා 10 බලඝනයේ නිර්භීත හා අති දක්ෂ ලෙස සාර්ථක ගුවන් මෙහෙයුම් රැසකට සහභාගී වූ ගුවන් නියමු බලපන්ති ලුතිනන් මොනත් පෙරේරා ජීවිතක්ෂයට පත් විය.මේ අනතුර හේතුවෙන් බලඝන නායක වජිර ජයකොඩි තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

මෙම සිද්ධිය පිළිබදව වැඩි දුර පරීක්ෂන සදහා එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පතිගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් පත් කොට ඇත.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි