ගුවන් හමුදාධිපති තුමන් හා අගමැතිතුමන් අතර නිල හමුවක්
9:14am on Monday 4th July 2022
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිල හමුවක් 2022 ජුනි මස 10 වන දින අග්‍රාමාත්‍ය නිල නිවසේදි සිදුවිය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සිදුවු මෙම සාම්ප‍්‍රදායික නිල හමුවේදි ගුවන් හමුදාධිපතිතුමා විසින් ගුවන් හමුදාවේ වර්ථමාන තත්වය පිළිබදව අග‍්‍රාමාත්‍යතුමන් දැවනුවත් කල අතර වර්ථමානයේ රටට බලපා ඇති අර්ථික හා ආහාර අර්බුදය ජයගැනීමට ගුවන් හමුදාවේ උපරිම සහයෝගය ලබාදෙන බවද ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි ප‍්‍රකාශ කරන ලදි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශව විසින් මෙම හමුවීම සිහිපත් කිරීම පිණිස සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකරගන්නා ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි