ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 71 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
9:26am on Monday 4th July 2022
1951 වර්ෂයේ රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් අද (2022 මාර්තු 02) වැනි දිනයක ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපගේ ආදරණීය මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවට ඉහළ අහස ආරක්ෂා කරමින් සිය 71 වන සංවත්සරය සමරනු ලැබීය. නිල සංවත්සර පෙළපාලිය අද පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද දින පැවති සංවත්සර පෙළපාලිය ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර විසින් අණ දෙන ලද බලඝණ 3 කින් සමන්විත විය. පළමු බලඝණය විංග් කමාන්ඩර් රොෂාන් පෙරේරා විසින් ද, දෙවන බලඝණය විංග් කමාන්ඩර් ප්‍රසාද් කුලතුංග විසින් ද, තෙවැනි බලඝණයට විංග් කමාන්ඩර් නුවන් රත්නායක විසින් ද අණ දෙන ලදී.

මෙම පෙළපාලිය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිය නිල සංවත්සර දේශනය සමස්ථ ගුවන් හමුදා සාමාජිකයින් අමතා සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් සිය දේශනය ආරම්භ කළේ රට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින්ට සිය උපහාර පුදකරමිනි. ලොව මෙතෙක් පහළ වූ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් තුරන් කර අප දිවයිනට සදාකාලික සාමයක් උදාකර දීමට ගුවන් හමුදාවට ශක්තියක් වූ හිටපු ගුවන් හමුදාධිපතිවරුන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන්ට ද ඔහු උපහාර පුද කළේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙකු වශයෙන් ජාතිය ගොඩනැගීමේ කාර්යයට සෘජුව හෝ වක්‍රව සහභාගී වීමේ වගකීම උරදිය යුතු බව ඔහු අවධාරණය කළේය. ඵලදායී පුරවැසියෙකු, ප්‍රීතිමත් පවුලක්, කීකරු පවුලක් යන සිව් ගුණයක අරමුණු සවිබල ගන්වමින් "සෞභාග්‍යයේ සහ තේජසෙහි" දැක්මට අනුකූලව අප ජාතිය ඉදිරියට ගෙන යාම සඳහා වගකීම් දැරීමේ අවශ්‍යතාවය පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් අවසානයේ සියලුම ගුවන් හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදී.. විනයගරුක සහ සාධාරණ සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක් වශයෙන් ඉදිරියේදී අභ්‍යවකාශ සීමාව ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් වන බවද ඔහු ප්‍රකාශ කළේය.

71 වන ගුවන් හමුදා සංවත්සර දිනය සඳහා වූ වැඩසටහන් මාලාව අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් ශාලාවේදී පවත්වනු ලැබූ සම්ප්‍රදායික කොක්ටේල් උත්සවයෙන් අවසන් විය. මෙම අති උත්කර්ෂවත් සන්ධ්‍යාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු හිටපු ගුවන් හමුදාපතිවරුන් මෙන්ම විශ්‍රාමික නිළධාරීන්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, සේවයේ නියුතු නිලධාරීන් සහ සහ සෙසු නිලයින් සහභාගී විය. ගුවන් හමුදා සංවත්සර දින සැමරුම් උත්සවයේ සියලුම සිදුවීම් COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලදී.


SLAF Other Camp  Celebrates 71st Anniversary


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි