බළඝණනායක ලෙස මොනාත් පෙරේරා උසස්වීම් ලබයි
8:31am on Friday 4th March 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සර සංදර්ශන පුහුණුවීම් සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරු භූමියෙන් පෙරේදා (1) උදෑසන උඩු ගුවනට පියාසර කළ කෆීර් යානා දෙකක් එදින පෙරවරු 9.30 ට පමණ කඩා වැටී විනාශ විය. මේ යානා දෙක එක ළඟින් ගමන් කිරීමේදී ගැටීම නිසා අනතුරට පත්ව ඇති බව මූලික පරීක්‍ෂණ මගින් හෙළිවෙයි.

යක්කල කිරිඳිවෙල ප්‍රදේශයේ ස්ථාන දෙකකට පතිත වූ කෆීර් යානා ගිනි ගෙන විනාශ වී ඇති අතර එක් යානයක නියමුවකු ජීවිතක්‍ෂයට පත් විය. අනෙක් නියමුවා පැරෂුටයක මාර්ගයෙන් බිමට පැන දිවි ගලවා ගත්තේය. මියගිය නියමුවා සතුව තිබූ පැරෂුටය අක්‍රීය වීමකින් හෝ උඩු ගුවනේදී ඇතිවූ අනතුර හේතුවෙන් ඔහුට හානි වීමකින් දිවි ගලවා ගැනීමට නොහැකි වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

මේ අනුව අනතුර හා ජීවිත හානිය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති ප්‍රමුඛ ත්‍රි’පුද්ගල කමිටුවක් පත්කර ඇත.

බළඝණනායක මොනාත් පෙරේරා ගුණානුස්මරණය

1982 ඔක්තෝම්බර් මස 13 දින මෙලොව එලිය දුටු බළඝණනායක මොනාත් පෙරේරා ගාල්ල මහින්ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදැරීමෙන් අනතුරුව ගුවන් නියමවකු වීමේ දැඩි කැමැත්ත අෂාව මත 2004 ජනවාරි මස 08 දින කැඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට එක් විය.

අනතුරුව මූලික පුහුණුවෙන් පසු 2007 ජුලී මස 08 දින නියමු නිලධාරී ලෙස අධීකාරිත්වයට පත් වූ අතර අවුරුදු දෙකක සේවා කලයකින් පසුව පියාසර නිලධාරි නිලයට උසස් කරන ලදී.

ගුවන් නියමවකු ලෙස සිය වෘතීය ගමන් මග ගුවන් හමුදා පියාසර පුහුණු පක්ශාංගයෙන් ආරම්භ කර අනතුරුව අංක 14 ජෙට් බලගනයට අයත් කේ 08 ගුවන් යානා නියමවකු ලෙසත් අංක 05 ජෙට් බලඝනයට අයත් එෆ් 07 ගුවන් යානා නියමවකු ලෙස ද සේවය කර ඇත ඉන් නොනැවතී අංක 10 අධි ප්‍රහාරක ජෙට් බලගනයේ කෆීර් ගුවන් නියමවකු ලෙස 2007 ඔක්තෝම්බර් මස 12 දින එක්විය.මානුෂීය මෙහෙයුම් සමයේ ගුවන් හමුදාව දියත් කල සාර්තක දිවා රාත්‍රී මෙහෙයුම් රැසක් සදහා ධායක වූ නිර්භීත ගුවන් නියමවකු ද වීම විශේෂත්වයකි.

මෙම ගුවන් නියමුවාගේ හදිසි අභාවය ගුවන් හමුදාවටත් සිය මාතෘ භූමියටත් දැරිය නොහැකි පාඩුවකි.

මෙම අභීත අති දක්ෂ ගුවන් නියමුවාට ගුවන් හමුදාවේ අචාරය පිරිනමන අතර මොහුගේ මතකය හා සිය මාතෘ භූමියට කළ සේවය සැමදා අප හදවත් තුලින් නොමැකෙන සදා අමරනීය මිනිසෙකි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි