කටුනායක ගුවන් හමුදා කඳවුරේ ප්‍රසංගික කලා අධ්‍යක්ෂකය සිය 52 වැනි සංවත්සරය සමරයි
2:16pm on Tuesday 12th July 2022
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ප්‍රාසාංගික කලා අධ්‍යක්ෂකය සිය 52 වන සංවත්සරය අද (2022 ජූලි 01) දින සමරනු ලැබීය. මුලදී ගුවන් හමුදා බියුගල්ස් සහ ඩ්‍රම්ස් තූර්‍ය වාදක කණ්ඩායම 1970 දී ආරම්භ කරන ලද අතර, තූර්ය වාදක කණ්ඩායම පිහිටුවීම සඳහා වෙනත් වෘත්තීන්ට අයත් සාමාජිකයින් දොළොස් දෙනෙකු ඇතුළත් කර ගනිමින් 1970 ජූලි 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම යටතේ පුහුණුව සඳහා යොමු කරන ලදී.

එතැන් සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම ජාතික, ආයතනික සහ ස්ථාන මට්ටම්වල සියලුම උත්සව පෙළපාලි, නිල සහ නිල නොවන ඉසව් සඳහා සහාය වී ඇත. එය දැනට ඔරියන්ටල් වාද්‍ය වෘන්දය, බීට් ගෲප්, රොක් බෑන්ඩ්, කැලිප්සෝ සංගීත කණ්ඩායම, ඩීජේ සහ සාම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන නැටුම් කණ්ඩායම වැනි විනෝදාස්වාද අංග රැසකින් සමන්විත විය.

මෙම සංවත්සර සැමරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රයේදී  ප්‍රාසාංගික කලා අධ්‍යක්‍ෂ ගෲප් කැප්ටන් එච්.ඩබ්ලිව්.ආර්.චන්දිම මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවා පුද්ගලයින් විසින් සංවිධානය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි