එයාර් වයිස් මාර්ෂල් කිත්සිරි ලීලාරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට සමු දෙයි
2:24pm on Tuesday 12th July 2022
එයාර් වයිස් මාර්ෂල් කිත්සිරි ලීලාරත්න මහතා 2022 ජූලි 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 33කට අධික කාලයක් සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම යන ලදි. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂ තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් ලීලාරත්න මහතා අද (2022 ජූලි 05) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ කාර්යාලයේදී නිල වශයෙන් විශ්‍රාම යන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් ජාතිය වෙනුවෙන් සහ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් වසර ගණනාවක් කැපවී කළ සේවය වෙනුවෙන් ඔහුව ඇගයීමට ලක් කළේය. අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත්, ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාධිපති තුමා අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් ලීලාරත්න මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ඉන් අනතුරුව, ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර එදිනම ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් කිත්සිරි ලීලාරත්න මහතා 1988 ඔක්තෝම්බර් 06 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 06 වන බඳවා ගැනීම සඳහා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. ඔහුගේ පුහුණු කාලය තුළ ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ, මූලික පරිපාලන හා ශාඛා පුහුණු පාඨමාලා වල මූලික සටන් පුහුණු සහ උපාධි වැඩසටහන සාර්ථකව නිම කර ඇත. 1990 වර්ෂයේ පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔහු ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය ඉංජිනේරු නිලධාරියෙකු ලෙස මෙහෙයුම් රාජකාරි ඉටු කිරීමට යොදවන ලදී. ඔහු කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව, ඊශ්‍රායලයේ Kfir C2 පුහුණු පාඨමාලා, ඉන්දියාවේ ගුවන් ඉංජිනේරු උපදේශක පාඨමාලාව, ඇතුළු විවිධ වෘත්තීය පාඨමාලා හදාරා ඇත.

ඔහුගේ සේවා දිවිය ඇතුළතදී රණ වික්‍රම පදක්කම (RWP) උත්තම සේවා පදක්කම (USP) සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ දිගු සේවා පදක්කම ආදී පදක්කම් රාශියකින් පිදුම් ලබා ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි