සරඹ හා අවි උපදේශකවරුන්ගේ ලාංඡනය සහ පළදනා ප්‍රදානය කිරීමේ උත්සවය
2:36pm on Tuesday 12th July 2022
අංක 51 ගුවන් භට සරඹ උපදේශක පාඨමාලාව සහ අංක 08 ගුවන් කාන්තා සරඹ උපදේශක පාඨමාලාව සහ අංක 60 ගුවන් භට සහ අංක 19 ගුවන් කාන්තා අවි උපදේශක  පාඨමාලා සඳහා ලාංඡනය සහ පළදනා ප්‍රදානය කිරීමේ උත්සවය 2022 ජුලි 08 දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් එම්.ඩී රත්නායක මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පී.එස්.එන්.ප්‍රනාන්දු, නිළධාරී අණදෙන විංග් කමාන්ඩර් එන්.ඒ.අයි. ද සිල්වා ඇතුලු සියලුම නිලධාරීන් සහ උපදේශකවරුන් සහභාගී විය.

මෙම පාඨමාලාවේ දක්ෂතම සරඹ උපදේශකවරිය ලෙස නායක ගුවන් කාන්තා වන මධුෂානි එම්.ජී.ඩබ්ලිව් තේරී පත් වූ අතර, පාඨමාලාවේ අවි උපදේශිකාව ලෙස නායක ගුවන් කාන්තා රාජපක්ෂ ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.එස්. තේරී පත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි