කටුනායක ගුවන් හමුදා කඳවුරේ විධායක කෘෂි ඒකකයේ නව අණදෙන නිළධාරීවරයෙක් වැඩ භාර ගනී
9:08am on Friday 15th July 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු විධායක කෘෂි ඒකකයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 ජූලි 11) දින සිදු කරන ලදී. සම්ප්‍රදායික වැඩ භාර දීමේ හා භාර ගැනීමේ පෙළපාලිය විධායක කෘෂි ඒකකයේ දී පවත්වන ලද අතර එහිදී පිටත්ව යන විධායක කෘෂි නිලධාරී එයාර් කොමඩෝර් ආර්.පී. කොඩිප්පිලි මහතා විසින් ගෲප් කැප්ටන් පීඊ ගුණවර්ධන මහතා වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදි.

එයාර් කොමඩෝර් ආර්.පී. කොඩිප්පිලි මහතා 2021 මැයි 15 වන දින විධායක කෘෂි ඒකකයේ අණදෙන නිලධාරිවරයා ලෙස වැඩ භාර ගත් අතර, ඔහු රාජකාරී සදහා මින් පසුව ගුවන් හමුදා මූලස්ථානය වෙත යාමට නියමිතය.

නව විධායක කෘෂි නිලධාරී ගෲප් කැප්ටන් පීඊ ගුණවර්ධන මහතා මෙම නව තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරු නියෝජ්‍ය විධායක සුභසාධන ව්‍යාපෘති නිලධාරි හා වැඩබලන විධායක සුබසාධන ව්‍යාපෘති නිලධාරී  ලෙස රාජකාරී කර ඇත. තවද, ඔහු ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ (SLVA) සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර දැනට ඔහු ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ උප සභාපතිවරයා වේ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි