ගුවන් හමුදා සංවත්සර ප්‍රදර්ශන භූමිය විශාල ජන සමූහයකින් පිරී යයි
2:15pm on Monday 7th March 2011
ගුවන් හමුදා 60 වන සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශන හා සැණකෙළිය නැරඹීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අති විශාල ජන සමූහයක් පැමිණෙමින් සිටි. එනම් ප්‍රවේශපත්‍ර කවුළු ඉදිරිපිට අති විශාල ජනතාවක් පෙළ ගැසී සිටින ආකාරය මීට කදිම නිදසුනකි.

පුරා දින හතක් මෙම ප්‍රදර්ශන හා සැණකෙළිය පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. මෙම දුර්ලභ අවස්ථාව දැක බලා ගැනීමට ඔබත් අදම පැමිණෙන්න. මෙම සංදර්ශන භූමියේදී ගුවන් හමුදා විශේෂ බළකා සෙබළුන්ගේ (ත්‍රස්ත්‍රවාදීන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ) විශේෂිත සංදර්ශනයක්ද පැවැත්වේ.

තවද සංදර්ශනය නැරඹීමට පැමිණෙන සියල්ලන්ටම අවශ්‍ය ආහාර හා බීම ලබා ගත හැකි වෙළඳ කුටි පහසුකම් සලසා ඇත. එසේම සෑම දිනකම විශේෂ රාත්‍රී සංගීත සංදර්ශන, සුනඛ සංදර්ශන, ගිනිකෙළි සංදර්ශන මෙහිදී දැක ගත හැකිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා 60 වන සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන ප්‍රදර්ශන හා සැණකෙළිය මාර්තු 08 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. 





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි