අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණු පාසල 20 වැනි සංවත්සරය සමරයි
3:30pm on Tuesday 19th July 2022
ගුවන් හමුදා අම්පාර කඳවුරේ පැරෂුට් පුහුණු පාසල 20 වන සංවත්සරය ඊයේ (2022 ජූලි 15) දින සමරන ලදී.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ කාර්ය බළකායේ සුදුසුකම් ලත් උපදේශකයින්ගේ මගපෙන්වීම යටතේ නිළධාරීන්,ගුවන් භටයින්/ගුවන් කාන්තාවන්ගේ  මූලික සහ උසස් පැරෂුට් පුහුණුව පැවැත්වීමේ අරමුණින් පැරෂුට් පුහුණු පාසල 2002 ජූලි 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලදී.ඉන් අනතුරුවල නව උපක්‍රමශීලී තාක්ෂණික දැනුම සහ හැකියාවන් ක්ෂේත්‍ර වැඩිදියුණු කරමින් පැරෂුට් පුහුණු පාසල 2013 මැයි 10 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරට ගෙන යන ලදී.

පසුගිය වසර 20 තුළ පැරෂුට් පුහුණු පාසලේ සංවර්ධනය සඳහා හිටපු අණදෙන නිලධාරීන් සහ උපදේශකවරුන් විසින් කරන ලද කැපවීම සහ සක්‍රීය දායකත්වය ඇගයීමට ලක් කරමින් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස් විසින් වැඩමුළුව ඇමතීමෙන් අනතුරුව දින සැමරුම ආරම්භ විය.

සංවත්සරය නිමිත්තෙන් 2022 ජුලි 14 වැනි දින උහන 'සරණ' පාසලේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය පිංකමක් සංවිධානය කරන ලදී. 2022 ජූලි 15 වැනි දින අම්පාර මූලික රෝහල සමග එක්ව  ජාතික ලේ දන්දීමේ ව්‍යාපාරයක්  කඳවුරු රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී. අනතුරුව කඳවුරු ක්‍රීඩා පිටියේදී නිලධාරීන්, උපදේශකවරුන් සහ පුහුණුවන්නන්ගේ සහභාගිත්වයෙන් පැවති සුහද ක්‍රිකට් තරඟාවලියකින් සංවත්සර සැමරුම අවසන් විය. කුසලාන ප්‍රදානය කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීතුමන් සහභාගී විය.

පැරෂුට් පුහුණු පාසල සිය දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන අතරම අනාගත මෙහෙයුම් අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය කැපවූ සේවාව අඛණ්ඩව සිදු කරනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි