රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
4:49pm on Tuesday 26th July 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 8 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 ජූලි 18) පැවති අතර එහිදී ගෲප් කැප්ටන් පී.එන්.ගුණතිලක මහතා  විසින් විංග් කමාන්ඩර් පීඩීපීපී දයානන්ද මහතා වෙත රාජකාරී භාර දෙන ලදී. සම්ප්‍රදායානුකූලව රාජකාරී භාරදීමේ හා භාරගැනීමේ පෙළපාලිය බලඝණ පරිශ්‍රයේදී නිලධාරීන්ගේ හා සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී.එන්.ගුණතිලක මහතා වවුනියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කිරිමට නියමිතය. අලුතින් පත් කරන ලද අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් පීඩීපීපී දයානන්ද මහතා විසින් මීට පෙර අංක 8 බළඝනයේ නිලධාරී අණදෙන මෙහෙයුම් තනතුරේ වැඩ කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි