අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ලේ දන්දීමේ ව්‍යාපාරයක් පවත්වයි
4:53pm on Tuesday 26th July 2022
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජේ.එම්.ඩී.ආර්.පී. ජයමහ මහතාගේ මගපෙන්වීම යටතේ අනුරාධපුර ශික්ෂන රෝහල් රුධිර බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව කඳවුරු රෝහල් පරිශ්‍රයේදී 2022 ජුලි මස 20 සහ 21 යන දෙදින තුළ ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ජංගම රුධිර පරිත්‍යාග ව්‍යාපාර නොමැතිකම හේතුවෙන් රුධිර නිෂ්පාදන රැසක හිඟයක් පවතින බැවින්, රුධිර බැංකුවේ රුධිර නිෂ්පාදන නැවත පිරවීම සඳහා මෙම වැඩසටහන පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ සේවා හා සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සේවයේ නියුතු පිරිස් ස්වේච්ඡාවෙන් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි