ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
12:18pm on Thursday 4th August 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය ඊයේ (2022 අගෝස්තු 02) වන දින සිදු කරන ලදී.එහිදී ගෲප් කැප්ටන් ඩී.එන්.එස් හලහකෝන් නිලධාරීතුමන් විසින් වින්ග් කමාන්ඩර් ඩබ්.ජී.එන්.ඩී වැවකුඹුර නිලධාරීතුමා වෙත නව තනතුරේ වැඩ භාරදෙන ලදී.

ගෲප් කැප්ටන් ඩී.එන්.එස් හලහකෝන් නිලධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 25 ක විශිෂ්ට සේවාවක් සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම යාමට නියමිතව ඇති අතර විංග් කමාන්ඩර් ඩබ්.ජී.එන්.ඩී වැවකුඹුර නිලධාරීතුමන් අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර  ගුවන් හමුදා මීරිගම කඳවුරේ ගුවන් ආරක්ෂක  සහ පාලන මධ්‍යස්ථානයේ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස තනතුර දරණ ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි