ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුරේ සටන් පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
12:19pm on Thursday 4th August 2022
 ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය ඊයේ (2022 අගෝස්තු 02) වන දින පවත්වන ලද අතර, එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පි.එන්.එස් ප්‍රනාන්දු නිලධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එස්.පී.වි.කේ.සේනාධීර නිලධාරීතුමා වෙත නව තනතුරේ වැඩ භාරදෙන ලදී.

නික්ම යන  නිලධාරිතුමා කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර, නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්.පී.වී.කේ සේනාධීර නිලධාරිතුමන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරිවරයා ලෙස පත්වීමට පෙර පලාලි ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිළධාරිවරයා ලෙස කටයුතු කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි